Article Sinhala

Be strengthened by the word of God

Home Category : Article Sinhala

දක්ෂතාවයට වඩා විශ්වාසවන්තකම උතුම් ය. මෙනෙහි කිරීමේ කොටස ශුද්ධ බයිබලයේ යෙරෙමියා 28 සහ 29

ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි නාමයෙන් ඔබ සැම සුභපතා පිළිගන්නෙමි.

අපගේ ජීවිතයේ සමහර අවස්ථාවලදී අන් අයට වඩා අප පසුබට වුනු අය බවට අප සිතාගෙන සිටිනෙමු. අනිත් අය තමන්ගේ දක්ෂතාවය තුළින් ලබා ගන්නා වූ ජය ඒ අයට ලැබෙන්නා වූ අවස්ථාවන් ඒ වගේම ඔවුන්ට ලැබෙන හිමි වෙන්නා වූ ආධිපත්‍යකම් ගැන සිතා අඩුව ඇති පුද්ගලයන්ව සිටින්නේ යැයි කියා අපි අපි ගැනම තීරණය කරගෙන සිටිමු. ලෝකයේ තුළින් දක්ෂතාවය ලස්සන ක්‍රියාවන් කිරීමේ හැකියාව යන කාර්යයන් තුළින් ජය කියන දේ ලැබෙන්නේ යැයි කියති. නමුත් බොහෝ අවස්ථාවල දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නා වූ ආකාරය නම් ලෝකයට වඩා වෙනස්ව තිබේ. උන්වහන්සේ දක්ෂ්‍යතාවයට වඩා විශ්වාසවන්තකම ඉතාමත් වැදගත් කාරණයක් බවට උන්වහන්සේ ගණන් ගන්න සේක. මේ සැබෑව ගැන යෙරමියා 28 සහ 29 පරිච්ඡේදයන්වල පැහැදිලිව සඳහන් කර තිබේ. යෙරමියා 28 වන පරිච්ඡේදයේ අනනියා අනාගතවක්තෘතුමා යුද සෙනඟට දෙවියන් වහන්සේ ඉතාමත් විගසින් බාබිලෝන් කෙරෙහි තිබෙන්නා වූ ආධිපත්‍ය ඉවත්කර අපව මුදවා ගන්නේ යැයි කියා ඔහු ධ්‍යරවන්තව ප්‍රකාශ කළේය. ඔහුගේ හැඟීම් බර හා මේ ප්‍රබල වූ පණිවිඩය මනුෂ්‍යයන්ට පහසු විශ්වාසවන්තකමක් ඇති කළත් ඒ දේ බොරුවක් විය. අනනියාගේ ආකර්ෂණීය ප්‍රකාශය මනුෂ්‍යයන්ව ඇදගන්නා සුළුව තිබුනත් එය ඔවුන්ගේ වහල්කම ගැන සැබෑවෙන් දෙවියන් වහන්සේගේන් ඉවත්ව යන්න සැලසුවෝය. එයට වෙනස්ව යෙරෙමියා අනාගත වක්තෘතුමා ප්‍රකාශ කළා වූ සැබෑව පිළිගැනීම ඔවුන්ට දැඩිව තිබුණේය. යෙරමියා 21 වැනි පරිච්ඡේදයේදී ඔහු වහල්ව සිටි යුදෙව් සෙනඟ බලා නුඹලා බබිලෝනියේ නැවතී සිට ඔබගේ ජීවිතයේ ඒ තුළින් ගොඩ නගා ඒ නගරයේ තිබෙන සමාදානය සොයාපල්ලා යැයි මග පෙන්නුය මේ පණිවිඩය ආකර්ෂණීය නොහොත් ප්‍රබලත්වයක් නොදැක්වූ වත් දෙවියන් වහන්සේගේ පණිවිඩය තුළ විශ්වාස වන්ත කමක් උදාකර දුන්නේය. තවද දානියෙල් නෙහෙමියා යන නායකයන් නිර්මාණය වීමට එය අත්තිවාරමක් හැටියට තිබුණේය. නෙහෙමියා දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍යයන් ඔවුන්ට සිහිකර දුන්නේය.

“මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.”

යෙරෙමියා 29:11

අනනියාගේ පණිවිඩය කීකරුවීමක් නොවූ ඇදගන්නා සුළු කාරියක් ව තිබුණේය. නමුත් යෙරමියාගේ පණිවිඩය පෙනීමට ආකර්ෂණය අලුත් ප්‍රබල පණිවිඩයක් නොවුවත් විශ්වාසවන්තකමේ මාර්ගයෙන් අපට පෙන්වා දෙන්නේය දෙවියන් වහන්සේ මේ විශ්වාසවන්තකම ගැන ප්‍රීති වන සේක. දක්ෂතා වර්ධනය කරගත හැකිය නමුත් ඊට වඩා උතුම්ව තිබෙන්නේ ස්ථිරව සිටින්නා වූ ගතිගුණ උන්වහන්සේ අපි තුළ නිර්මාණය කරන සේක. අද නුඹලාව ගණන් නොගන්නා ලෙස දක්ෂතාවයන් නැති අය මෙන් සාමාන්‍ය අයමෙන් නුඹලාට දැනෙන විට නුඹලා දුර්වල නොවන්න දෙවියන්වහන්සේ නුඹලාගේ විශ්වාස වන්ත කමෙන් පිරුණාවූ හදවත වස්තුවක් ලෙස බලන සේක කීකරු වීමේ සියලු ගුණාංග විශ්වාස වන්තකම ඇතිකරන හැම අවස්ථාවක්ම ප්‍රේමය වර්ධනය වීමට ගන්නා වූ සුළු උත්සාහයන් දෙවියන් වහන්සේ තුළ ඔබට සදාකාලිකව ඒ දේ ඔබව හදා වඩා ගන්නාවූ බීජයක් ලෙස තිබෙන්නේය. විශ්වාසවන්ත කමින් වැඩෙන්නේ යනු ඔබගේ ජීවිතයේ පොර බැඳීම් තවද සැකයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟ කැප කිරීම තුළින් ආරම්භ වන්නේය. උන්වහන්සේ තුළ විශ්වාසකම අප තුළ නිර්මාණ වීමට උන්වහන්සේගෙන් අපි ඒ දේ ඉල්ලිය යුතුය. කිසිවෙකු තුළින් නුඹලාව ගණන් නොගත්තත් විශ්වාසවන්තකම ඇතුව කීකරුකම ඇතුව දිනපතා ජීවත් වීම යන කාරණා තුලින් පමණක් නොව නුඹලාගේ පූර්ණත්වය ලැබීම පමණක් නොව මේ යටහත්කමේ කැපකිරීම තුළින් දෙවියන් වහන්සේ නුඹලාගේ ගුණාංග වෙනස් කිරීමටත් උන්වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර තුළ මුල්දරා වැඩෙන්නත් උපකාර කරන සේක. එම නිසා ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අනුව යන්න අන් අය සමග නුඹලාව සංසන්දනය නොකරන්න දෙවියන් වහන්සේ නුඹලාගේ විශ්වාසවන්තකම ගැන ප්‍රීති වන සේකයයි නුඹලා හඳුනා ගන්න. නුඹලාගේ සියලුම උත්සාහයන් වල විශ්වාස වන්තකම ද කීකරු වීමද උන්වහන්සේට වටිනාම දෙයක්ව තිබේ. මෙය නුඹලාගේ ජීවිතයේ වැඩීමක් ඇති කරන්නා වූ බීජවල සදාකාලික දෙයක්ව තිබෙන්නේය.

මතෙව් සේවය තුළින් Rev. එම්මානුවෙල් අරුල්පෝල් තුමා විසින් ලියන ලද දිනපතා

දේව වචනය මෙනෙහි කිරීමේ සැප්තැම්බර් මාසේ 2025 එළි දැක්වීමකි

Click here to Download as PDF -> Sinhala.

Read More →

දෙවියන් වහන්සේගේ ගැලවීම විශ්වාස කිරීම / දෙවියන් වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන්නා වූ සිතිවිලි.

ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි නාමයෙන් ඔබ සියලු දෙනා සුබ පතමි.

අපගේ ඉතාමත් අමාරුකම් මධ්‍යයේ නිදහසක් උදෙසා කාලයක් බලාපොරොත්තු වීම ස්වභාවික දෙයකි. නමුත් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ මහිමය දැකීමට අප අතපසු කරන්නෙමුව. අපි ඉක්මනින් නිදහසක් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් අපගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නා වූ බලයත් යහපත්කම් සහ අනෙකුත් දේව මහිමයන් බැලීමට නොහැකි ලෙස අපව වෙනස් කරන්නේය.

අපගේ එදිනෙද‍ා ජීවිතයේ බොහෝ විට යෙරෙමියා 29: 11 වචනය අපව උනන්දු කරති. නමුත් එම වචනය මෙනෙහි කරන විට ඒ අර්ථය ගැඹුරු ලෙසද ඒ සමගම ආත්මික අර්ථය ගෙන දෙන දෙයක් ලෙසද අපට වටහා ගත හැක. මේ අනාගතවාක්‍ය එළිදරව් වූ සැණින් බාබිලොන්හි ඉශ්‍රායල් සෙනඟ වහල්කමින් තමන්ගේම භූමිය අහිමි කරගෙන මැලිකමට පත්ව ඔවුන්ගේ නිදහස පමණක් ලබාගත යුතුයි යන අරමුණෙන් ජීවත්ව සිටියෝය. ඔවුන්ට ප්‍රතිවිරුද්ධ වූ කරුණු දෙකක් අනාගත වක්තෘවරුන් දෙදෙනෙක් ඔවුන්ට පැවසුවෝය. අනනියා ඉක්මනින් නිදහස ලබා ගන්නේ යැයි කියන්නා වූ අනාගතවාක්‍ය වචන තුළින් කැරලිකාරකම ඇති කරන්නා වූ බොරු විශ්වාසයක් සෙනග තුළ ඇති කළේය. නමුත් එයට ප්‍රතිවිරුද්ධ ලෙස යෙරෙමියා අනාගත වක්තෘතුමා මේ වේදනාකාරී වාහල්කම තව හැත්තෑ වසරකට දිගුවේ යැයි කියා ප්‍රකාශ කරපු දේ ඇසු සෙනඟට එය ඉතාමත් දැඩි කාරණාවක්ව තිබුණේය. නමුත් යෙරෙමියා විසින් ප්‍රකාශ කරවූ අනාගතවාක්‍යය දෙවියන් වහන්සේට සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ සත්‍යතාවය එළිදරව් වීමක්ව තිබුණේය. යෙරෙමියා තුළින් දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ දේ නම් (යෙරෙමියා 29:11: “මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.”) මේ රැක බලා සිටින කාලයේ දෙවියන් වහන්සේ ඔවුන්ව අත් නොවන සේක කියා කියන්නා වූ විශ්වාසයත් තවද සුවය ලබාගැනීමේ මාර්ගයත් ඒ වගේම අහිමි වුණු දෙවියන් වහන්සේගේ ලකුණු තුළිනුත් නැවත ලබා ගැනීම තුළින් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් ලබා ගන්නා වූ ගැලවීමේ ප්‍රීතිය උරුමක් කර ගැනීම පිණිස ඔවුන්ව සූදානම් කරන ලදී. අපේ වාතාවරණයන් දැඩි ලෙස වෙනස් වෙන විට අපේ සිතුවිලි තුළ වෙනසක් ඇතිවී දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අඩුවී යන්නෝය. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ තිබෙන බලය කිසි විටෙක වෙනස් වන්නේ නැත. රැකබලා සිටීම හා අමතක කරනු ලැබීම යන දෙකම එකක් නොව ප්‍රතිවිරුද්ධ කරුණුය. බොහෝ අවස්ථාවල අපේ දැනුමට එහායින් දෙවියන් වහන්සේ ක්‍රියා කරන සේකයි කියන ඒ සිතුවිල්ල අප තුළ ක්‍රියා කරන්නේය. ඔබ බලාපොරොත්තු වන පිළිතුර කාලය ප්‍රමාද වුණත් ඔබට යහපතඇතිවෙන පිණිස දෙවියන් වහන්සේගේ නිශ්චිත වේලාවේ ලබා ගන්නෝය. එයට දෙවියන් වහන්සේගේ වචනය තුළින් සිතුවිල්ලේ වෙනසක් ලබා දෙවියන් වහන්සේ සූදානම් කර ගැලවීමේ විශ්වාසය තුළ මඟ පෙන්වනු ලබන්නෙමුව. එම නිසා ගෙවී ගිය කාලයේ පරාජයන් දුර්වලකම් ඒ වගේම නොහැකි තාවයන් දෙස නොබලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සමග උන්වහන්සේගේ ආත්මයේ ජීවනය වූ වචනය දෙසට අපේ සිතුවිලි යොමු කරමු. උන්වහන්සේගේ පොරොන්දුව කිසිවිටෙක පහව යන්නේ නැත.

(අගෝස්තු මාසේ 2025 මතෙව් සේවය තුළින් Rev.එම්මානුවෙල් අරුපෝල් තුමා විසින් ලියන ලද දිනපතා දේව වචනය මෙනෙහි කිරීමේ එළිදැක්වීමකි.)

Click to download as PDF -> Sinhala

Read More →