දෙවියන් වහන්සේගේ ගැලවීම විශ්වාස කිරීම / දෙවියන් වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන්නා වූ සිතිවිලි.
ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි නාමයෙන් ඔබ සියලු දෙනා සුබ පතමි.
අපගේ ඉතාමත් අමාරුකම් මධ්‍යයේ නිදහසක් උදෙසා කාලයක් බලාපොරොත්තු වීම ස්වභාවික දෙයකි. නමුත් දෙවියන් වහන්සේගේ සම්පූර්ණ මහිමය දැකීමට අප අතපසු කරන්නෙමුව. අපි ඉක්මනින් නිදහසක් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් අපගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නා වූ බලයත් යහපත්කම් සහ අනෙකුත් දේව මහිමයන් බැලීමට නොහැකි ලෙස අපව වෙනස් කරන්නේය.
අපගේ එදිනෙදා ජීවිතයේ බොහෝ විට යෙරෙමියා 29: 11 වචනය අපව උනන්දු කරති. නමුත් එම වචනය මෙනෙහි කරන විට ඒ අර්ථය ගැඹුරු ලෙසද ඒ සමගම ආත්මික අර්ථය ගෙන දෙන දෙයක් ලෙසද අපට වටහා ගත හැක. මේ අනාගතවාක්‍ය එළිදරව් වූ සැණින් බාබිලොන්හි ඉශ්‍රායල් සෙනඟ වහල්කමින් තමන්ගේම භූමිය අහිමි කරගෙන මැලිකමට පත්ව ඔවුන්ගේ නිදහස පමණක් ලබාගත යුතුයි යන අරමුණෙන් ජීවත්ව සිටියෝය. ඔවුන්ට ප්‍රතිවිරුද්ධ වූ කරුණු දෙකක් අනාගත වක්තෘවරුන් දෙදෙනෙක් ඔවුන්ට පැවසුවෝය. අනනියා ඉක්මනින් නිදහස ලබා ගන්නේ යැයි කියන්නා වූ අනාගතවාක්‍ය වචන තුළින් කැරලිකාරකම ඇති කරන්නා වූ බොරු විශ්වාසයක් සෙනග තුළ ඇති කළේය. නමුත් එයට ප්‍රතිවිරුද්ධ ලෙස යෙරෙමියා අනාගත වක්තෘතුමා මේ වේදනාකාරී වාහල්කම තව හැත්තෑ වසරකට දිගුවේ යැයි කියා ප්‍රකාශ කරපු දේ ඇසු සෙනඟට එය ඉතාමත් දැඩි කාරණාවක්ව තිබුණේය. නමුත් යෙරෙමියා විසින් ප්‍රකාශ කරවූ අනාගතවාක්‍යය දෙවියන් වහන්සේට සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ සත්‍යතාවය එළිදරව් වීමක්ව තිබුණේය. යෙරෙමියා තුළින් දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ දේ නම් (යෙරෙමියා 29:11: “මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.”) මේ රැක බලා සිටින කාලයේ දෙවියන් වහන්සේ ඔවුන්ව අත් නොවන සේක කියා කියන්නා වූ විශ්වාසයත් තවද සුවය ලබාගැනීමේ මාර්ගයත් ඒ වගේම අහිමි වුණු දෙවියන් වහන්සේගේ ලකුණු තුළිනුත් නැවත ලබා ගැනීම තුළින් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් ලබා ගන්නා වූ ගැලවීමේ ප්‍රීතිය උරුමක් කර ගැනීම පිණිස ඔවුන්ව සූදානම් කරන ලදී. අපේ වාතාවරණයන් දැඩි ලෙස වෙනස් වෙන විට අපේ සිතුවිලි තුළ වෙනසක් ඇතිවී දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අඩුවී යන්නෝය. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ තිබෙන බලය කිසි විටෙක වෙනස් වන්නේ නැත. රැකබලා සිටීම හා අමතක කරනු ලැබීම යන දෙකම එකක් නොව ප්‍රතිවිරුද්ධ කරුණුය. බොහෝ අවස්ථාවල අපේ දැනුමට එහායින් දෙවියන් වහන්සේ ක්‍රියා කරන සේකයි කියන ඒ සිතුවිල්ල අප තුළ ක්‍රියා කරන්නේය. ඔබ බලාපොරොත්තු වන පිළිතුර කාලය ප්‍රමාද වුණත් ඔබට යහපතඇතිවෙන පිණිස දෙවියන් වහන්සේගේ නිශ්චිත වේලාවේ ලබා ගන්නෝය. එයට දෙවියන් වහන්සේගේ වචනය තුළින් සිතුවිල්ලේ වෙනසක් ලබා දෙවියන් වහන්සේ සූදානම් කර ගැලවීමේ විශ්වාසය තුළ මඟ පෙන්වනු ලබන්නෙමුව. එම නිසා ගෙවී ගිය කාලයේ පරාජයන් දුර්වලකම් ඒ වගේම නොහැකි තාවයන් දෙස නොබලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සමග උන්වහන්සේගේ ආත්මයේ ජීවනය වූ වචනය දෙසට අපේ සිතුවිලි යොමු කරමු. උන්වහන්සේගේ පොරොන්දුව කිසිවිටෙක පහව යන්නේ නැත.
(අගෝස්තු මාසේ 2025 මතෙව් සේවය තුළින් Rev.එම්මානුවෙල් අරුපෝල් තුමා විසින් ලියන ලද දිනපතා දේව වචනය මෙනෙහි කිරීමේ එළිදැක්වීමකි.)
Click to download as PDF -> Sinhala